GreenCap බ්ලොග් අඩවිය ගැන..


GreenCap අපේ කණ්ඩායම තීරණය කරා අපේ නිල වෙබ් අඩවියට බ්ලොග් අඩවියකුත් එකතු කරන්න.මේ බ්ලොග් අඩවියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නිවසක් සැදීමේදී මෙන්නම තමන්ගේ ඕනෑම ඉදිකිරීමක් සිදු කරනකොට ඒ ඉදිකිරිම ගුණාත්මකව ඉදි කර අවසන් කර ගැනීමට අවශ්‍ය කරන දැනුම සාමාන්‍ය ජනතාව වෙත ලබා දීමයි.

ඇත්තටම ව්ර්තිමය ඉංජිනේරුවෙකු හෝ කාර්මික නිලදරියෙකු මගින් තමන්ගේ නිවාස හෝ ගොඩනැගිල්ල පුර්ණකලිනව අධීක්ෂණය කරවා ගැනීම තරමක් වියදම් සහිත කාර්යක් වෙනවා.එය සාමාන්‍ය පුද්ගලයෙකුට සැලකිය යුතු අමතර වියදමක් වෙන්න පුළුවන්.නමුත් කොන්ත්‍රාත් කරුවෙකු තම ඉදිකිරීමට සම්බන්ද කර ගන්නවානම් ඔවුන්ගේ ඉදිකිරීම් ගුණාත්මක භාවය පිලිබදව විශ්වාසයක් තබන්න අපහසු වෙන්න පුළුවන්.මෙවැනි අවස්ථාවක ව්ර්තිමය පුද්ගලයෙකුගේ සහය සදහා ගෙවන මුදල පිලිබදව තැකීම නුවනට හුරු නොවේ.නමුත් ඔබගේ ඉදිකිරිම ඔබටම අධීක්ෂණය කර ගත හැකිනම් එක තරමක් පහසු වෙන්න පුළුවන්.මේ සදහා අවශ්‍ය කරන මුලික දැනීම ලබා දීම තමයි අපේ මේ උත්සාහය.

මෙතැනදී අපි ඔබට ලබා දෙන්නේ මුලික දැනීම  හා ඉංජිනේරුමය දැනුමක් නොමැති අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු පමණයි.ඉන් එහාට ඔබට ගැටළුවක් පවතීනම් ඉංජිනේරුමය උපදෙස් ලබා ගැනීම තමයි අපි අනුමත කරන්නේ.

ඉදිකිරිම ආරම්භයේ සිට අවසනය දක්වා ඉදිකිරීමක මුලික කරුණු පියවරෙන් පියවර ලිපි මගින් ඉදිරිපත් කරන්නත් අපි අදහස් කරනවා.අපේ ලිපි වල පලවෙන තොරතුරු සම්බන්දයෙන් ඔබට කුමක් හෝ ගැටළුවක් පවතිනවානම් කමෙන්ට් හරහා ඉදිරිපත් කිරීමටත් පුර්ණ නිදහස තියෙනවා.

No comments:

Post a Comment

Thank for comment to us.we will feedback to you few hours